Homeසියලුම පුවත්නව යතුරුපැදි ලියාපදිංචියට දිස්ත්‍රික්ක 5කින් යළි පහසුකම්

නව යතුරුපැදි ලියාපදිංචියට දිස්ත්‍රික්ක 5කින් යළි පහසුකම්

නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ පහසුකම එළැඹෙන 19 වැනිදා සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 5ක් හරහා යළි ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව යාපනය, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නව යතුරුපැදි ලියාපදිංචි කිරීමේ අවස්ථාව හිමි වේ.

මීට පෙරද මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අදාළ සේවාව ලබාදී තිබුණද, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා තිබුණි.

ඒ හේතුවෙන් මේ දක්වා නව යතුරුපැදි ලියාපදිංචි කර ගැනීම සඳහා හිමිකරුවන්ට නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමට සිදුව තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments