Homeසියලුම පුවත්නායයාම් රතු නිවේදන ඉවතට

නායයාම් රතු නිවේදන ඉවතට

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවතින අධික වර්ෂාව හේතුවෙන් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කළ රතු නිවේදන ඉවත් කර ඇති අතර, ඇතැම් ප්‍රදේශ සඳහා “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) සහ “විමසිලිමත් වන්න” (කහ) මට්ටමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙම නිවේදනය අද (05) පෙරවරු 9.00 සිට හෙට (06) පෙරවරු 9.00 දක්වා වලංගු වන අතර, අවදානම් ප්‍රදේශවල ජනතාව නායයාම් පිළිබඳ පූර්ව ලක්ෂණ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙස දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments