දඹුල්ල–මාතලේ ප්රධාන මාර්ගයේ නාවුල නාලන්ද ප්රදේශයේදී අද (26) උදෑසන 9.20ට පමණ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් බව සඳහන් වේ.
අනතුරෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් නාලන්ද ප්රාදේශීය රෝහලට සහ මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන් අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වේ.
සිද්ධියට අදාළව පෞද්ගලික බසයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, CTB බසයේ රියදුරු පලාගොස් ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවූ අවස්ථාවේ එම මාර්ගයේ ගමන් කරමින් සිටි කථානායකවරයා ද තුවාලකරුවන් රෝහලට යොමු කිරීමට සහාය වී ඇති බව සඳහන් අතර, සිද්ධිය පිළිබඳව නාවුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
නාවුල නාලන්දේ බස් අනතුරක් – 11ක් රෝහලට

