අද (26) බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (27) දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තද වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතින බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් අනතුරු ඇතිවිය හැකි බැවින්, ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.
ඉදිරි පැය 36ට වැසි සහ ගිගුරුම් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

