Monday, February 16, 2026
Homeදේශීයනිදහස් උත්සවයේ පෙරහුරු අදත් – විශේෂ රථවාහන සැලැස්මක්

නිදහස් උත්සවයේ පෙරහුරු අදත් – විශේෂ රථවාහන සැලැස්මක්

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය එළඹෙන පෙබරවාරි 04 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත.

එම උත්සවයට සමඟාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් පසුගිය 30 වැනිදා ආරම්භ වූ අතර, අද දිනයේදීත් එම පෙරහුරු ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වෙන දිනවලදී ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්මක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයට අනුව,

නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට,

ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට,

ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට,

බෞද්ධාලෝක මාවතේ ආර්.එෆ්.පී. හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට,

විජේරාම මාවතේ විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට,

මේට්ලන්ඩ් ක්‍රසන්ට් සිට නිදහස් වටරවුම දෙසට

ඇතුළු මාර්ග කිහිපයකට අද දිනය දක්වා රථවාහන සීමා පනවා ඇති බව සඳහන් වේ.

මෙම කාලය තුළ රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments