Homeසියලුම පුවත්නීතිඥ උපදෙස් මත සුරේෂ් සලේ උපවාසය නවතයි

නීතිඥ උපදෙස් මත සුරේෂ් සලේ උපවාසය නවතයි

පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා නීතිඥ උපදෙස් මත සිය උපවාසය අවසන් කර තිබෙනවා.
උපවාසය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය පිරිහීමත් සමඟ ඔහු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විමර්ශනවලින් ඉවත් කිරීම සහ රැඳවුම් ස්ථානය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සලේ මහතා මෙම උපවාසය ආරම්භ කර තිබුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments