පාස්කු ප්රහාර විමර්ශනවලට අදාළව සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාට කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම සලේ මහතා සම්බන්ධ විමර්ශන CID අධ්යක්ෂවරයාගෙන් ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීමද අධිකරණය ප්රතික්ෂේප කළා.
මීට අමතරව, ඉදිරි නඩු වාරවලදී සලේ මහතා ආරක්ෂක හේතු මත වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇති අතර, නඩුව ලබන සැප්තැම්බර් 2 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
සුරේෂ් සලේට අධිකරණයෙන් නව නියෝගයක්

