ශ්‍රී ලංකා පොලීසිය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නිමල්කා උද්‍යානය ආසන්නයේ සිදුකළ මෙම වැටලීමේදී තීරුබදු රහිතව ගෙන්වූ දුම්වැටි 540ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන චීනයේ ජාතිකයෙකු බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

