Homeසියලුම පුවත්නීතිවිරෝධී දුම්වැටි 36,200ක් සමඟ මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි 36,200ක් සමඟ මැලේසියානු ජාතිකයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි විශාල තොගයක් සමඟ මැලේසියානු ජාතිකයෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව ඊයේ (25) සවස කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පිහිටි අවන්හලක රථගාලකදී සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 36,200ක් සහ ඒවා ප්‍රවාහනයට යොදාගෙන තිබූ කැබ් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු 30 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments