මේ වන විට එල් නිනෝ (El Niño) තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව මේ වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයේ සිට මධ්‍යස්ථ එල් නිනෝ තත්ත්වය දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් මෙරට වැසි රටාවේ වෙනස්කම් ඇතිවිය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී ගංවතුර තත්ත්වයන් ද ඇති විය හැකි බව ඔහු සඳහන් කළේය.
එල් නිනෝ තත්ත්වයකදී වැසි සම්පූර්ණයෙන්ම නොලැබෙනවා පමණක් නොව, ඇතැම් කාලවලදී සාමාන්‍යයට වඩා වැඩි වැසි ද ලැබිය හැකි අතර, වැසි රටාවේ වෙනස්කම් දක්නට ලැබිය හැකි බව ද ඔහු පැවසීය.
ඒ අනුව මෙරට නිරිතදිග මෝසම, ඊසානදිග මෝසම සහ අන්තර් මෝසම් වැසි රටාවන්ට ද බලපෑම් ඇති විය හැකි බව සඳහන් කරයි.
අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
- එල් නිනෝ තත්ත්වය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත්,
- එය දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය විය හැකි බවත්,
- මෙම සංසිද්ධිය මාස 10 සිට 12 දක්වා පැවතිය හැකි බවත්ය.
ඔහු පෙන්වා දුන්නේ,
- නිරිතදිග මෝසම් වැසි සාමාන්‍යයෙන් අඩුවිය හැකි බව,
- ඊසානදිග මෝසමේ මුල් කාලයේ වැසි වැඩි විය හැකි නමුත් අවසාන කාලයේදී අඩුවිය හැකි බව,
- ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දෙවන අන්තර් මෝසම් සමයේ උෂ්ණත්වය තරමක් ඉහළ ගියද, සාමාන්‍යයට වඩා වැඩි වැසි ලැබිය හැකි බවත්,
- එම කාලය තුළ ගංවතුර අවදානමක් ද ඇති විය හැකි බවත්ය.

