Wednesday, November 19, 2025
Homeදේශීයනෙත් FM ලොක්කාට රුපවාහිනිය – ගුවන්විදුලිය නැවතත් හඩ්ඩාට

නෙත් FM ලොක්කාට රුපවාහිනිය – ගුවන්විදුලිය නැවතත් හඩ්ඩාට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් අසංක ප්‍රියනාත් ජයසූරිය මහතා පත්කර තිබෙනවා.

ඔහු නෙත් එෆ්.එම්. ගුවන් විදුලි සේවයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ අතර මින් ඉහතදී රූපවාහිනී සංස්ථාවේ අලෙවිකරණ අංශ ප්‍රධානියෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපතිවරයා වශයෙන් වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් හඩ්සන් සමරසිංහ මහතාවම යළි පත්කර තිබෙනවා.

ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (13) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඔවුන්ට පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.

එම ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇති ආකාරය පහතින් දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments