Homeසියලුම පුවත්නේපාල ජලගැලීමෙන් මරණ 600 පනී

නේපාල ජලගැලීමෙන් මරණ 600 පනී

හිමාල කඳුවැටියේ ග්ලැසියරයක කොටසක් කඩා වැටීමෙන් නේපාලයට බලපෑ අනපේක්ෂිත ජලගැලීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 626 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය තහවුරු කර තිබේ.

මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 1,924 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව එරට ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.

මේ අතර, විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහාය ලබා නොගැනීමට මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබේ.

ආපදා තත්ත්වයට මුහුණ දුන් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් නේපාලය විසින්ම සිදුකරන බවත්, විදේශීය සහාය අවශ්‍ය නොවන බවත් මුලදී නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත්, අතුරුදන්වූවන් අතර විදේශිකයින් ද සිටීම හේතුවෙන් අදාළ රටවලින් එල්ල වූ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් හමුවේ එම තීරණය වෙනස් කිරීමට නේපාල රජයට සිදුව ඇත.

ඒ අනුව, උමං මාර්ගවල සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ සංකීර්ණ මෙහෙයුම් සඳහා මෙන්ම මළ සිරුරු හඳුනාගැනීමේ තාක්ෂණික කටයුතු සඳහා ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම්වල සහාය ලබාගැනීමට නේපාල බලධාරීන් අවසර ලබාදී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments