පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පැමිණ තිබේ.
කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මහතාට මීට පෙර දැනුම් දී තිබුණද, එම දැනුම්දීම අනුව ඔහු කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිලධාරීන් මෙලෙස ඔහුගේ නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ.

