Tuesday, November 18, 2025
Homeදේශපාලන‘පයිනස් රටින් ගෙන්වා කෝටි 480 ක් කා දමලා’

‘පයිනස් රටින් ගෙන්වා කෝටි 480 ක් කා දමලා’

භාවිතා කළ හැකි පයිනස් දැව මෙරට තිබියදී  පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 480 කට වැඩි වටිනා  පයිනස් දැව මෙරටට  ආනයනය කිරීම සම්බන්ධයෙන්  පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු  ආංශික අධීක්ෂණ කාරක සභාවේ  දැඩි අප්‍රසාදය පළවිය.  

දැව සදහා භාවිතා කළ හැකි තත්වයේ පවතින පයිනස් ගස් බිම්  හෙක්ටයාර් 1200ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කැලෑවලද පයිනස්   හෙක්ටයාර් 1764 ක් පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති කැලෑවලද  පවතින බවට  තොරතුරු  අනාවරණයවූයේ යැයි කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

සාමාන්‍යයෙන් පොදුවේ  කෝටි 900 කට වැඩි  වටිනා  දැව දඬු වර්ෂයකදී මෙරටට ආනයනය කෙරෙන බවද  ඔහු සඳහන් කළේය.
දළ වශයෙන් වසර 18 කට පමණ ප්‍රමාණවත් පයිනස් දැව මෙරට ඇති බවද  එම   කාරක සභාවේදී තොරතුරු     හෙළිවිය.                                                 

RELATED ARTICLES

Most Popular

Recent Comments