Homeසියලුම පුවත්පරිගණක අපරාධ චෝදනා මත විදේශිකයින් 54ක් අත්අඩංගුවට

පරිගණක අපරාධ චෝදනා මත විදේශිකයින් 54ක් අත්අඩංගුවට

පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී විශේෂ කාර්ය බලකාය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 19 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.
බූස්ස යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව, විශේෂ කාර්ය බලකාය හා හික්කඩුව පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථන 200කට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 25ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments