2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) ලබාදී තිබූ වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයටත් පෙර ඉක්මවා යාමට එම දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.ඒ අනුව, 2026 වසර සඳහා රුපියල් බිලියන 2,402ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ අතර, නොවැම්බර් 16 වැනිදා වන විට රුපියල් බිලියන 2,441.9ක ආදායමක් රැස්කර ගැනීමට හැකි වී ඇත.එමඟින් නියමිත වාර්ෂික ආදායම් ඉලක්කයද ඉක්මවා ගොස් තිබේ.තවද, 2025 නොවැම්බර් 16 වැනිදාට සාපේක්ෂව 2026 නොවැම්බර් 16 වැනිදා වන විට රුපියල් බිලියන 491ක අමතර ආදායමක් රැස්කර ගැනීමට දෙපාර්තමේන්තුව සමත්ව ඇත.එය පෙර වසරට සාපේක්ෂව සියයට 115ක වර්ධනයක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මෙම ප්රගතිය මඟින් බදු පරිපාලනයේ ශක්තිමත්භාවය, බදු ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව සහ බදු නීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට ජනතාව තුළ ඇති නැඹුරුව පිළිබිඹු වන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී තිබේ.

