Homeසියලුම පුවත්2027 අයවැයෙන් ඔලිම්පික් වැඩසටහනට රුපියල් මිලියන 300ක් වෙන් කළේ ඇයි?

2027 අයවැයෙන් ඔලිම්පික් වැඩසටහනට රුපියල් මිලියන 300ක් වෙන් කළේ ඇයි?

2027 අයවැය තුළින් ඔලිම්පික් වැඩසටහන සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කිරීමට හේතුව සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය.ඔහු සඳහන් කළේ ඉදිරි ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ඉහළ මට්ටමේ පදක්කමක් දිනා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘මිෂන් ඔලිම්පික්’ වැඩසටහන වෙනුවෙන් මෙම මුදල් වෙන් කර ඇති බවයි.ඒ යටතේ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉලක්ක කරගත් විවිධ වැඩසටහන් සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට නියමිතය.අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ අයවැය යෝජනාවල සඳහන් වන සෑම මුදලක්ම අදාළ වසර තුළ සම්පූර්ණයෙන්ම වැය නොකරන බවයි. අයවැය මඟින් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ අනාගත දැක්මද පිළිබිඹු වන බව ඔහු පෙන්වා දුන්නේය.උදාහරණයක් ලෙස සුවතා මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 17,400ක් යෝජනා කර තිබුණද, 2027 වසර සඳහා වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 3,600ක් පමණක් බවද ඔහු සඳහන් කළේය.එමෙන්ම, 2028 අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඉලක්ක කරගෙන සූදානම් වීමට දැනටමත් කාලය ප්‍රමාද වී ඇති බවත්, අවශ්‍ය ප්‍රතිඵල ලබාගැනීම සඳහා කල්තියා මුදල් වෙන් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.ඒ අනුව, ඉදිරි ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ඉහළ මට්ටමේ පදක්කමක් දිනා ගැනීමේ අරමුණින් ‘මිෂන් ඔලිම්පික්’ වැඩසටහන සඳහා රුපියල් මිලියන 300ක් 2027 අයවැයෙන් වෙන් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments