Homeසියලුම පුවත්පස් කන්දක් කඩාවැටී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

පස් කන්දක් කඩාවැටී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේදී අද (15) උදෑසන පස් කන්දක් මාර්ගයට කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

පස් කන්ද කඩාවැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගය වෙනුවට නෝටන්බ්‍රිජ් මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙසය.

RELATED ARTICLES

Most Popular

Recent Comments