ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (13) පෙරවරු 10.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය පස්වරු 11.30 දක්වා වලංගු වේ.
ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම වවුනියාව, මන්නාරම, මුලතිව් සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අකුණු අනතුරු පිළිබඳ වැඩි අවදානමක් පවතින බව සඳහන් වේ.
එම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු සහ සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

