Homeසියලුම පුවත්මගීන් 243ක් රැගත් යාත්‍රාවක් ජාවා මුහුදේදී අතුරුදන්

මගීන් 243ක් රැගත් යාත්‍රාවක් ජාවා මුහුදේදී අතුරුදන්

ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු ප්‍රදේශයේදී මගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද (13) උදෑසන අතුරුදන් වී තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී ඇති අතර, අතුරුදන් වූ යාත්‍රාව සොයා මේ වනවිට සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී යාත්‍රාව සුරබයා නගරයේ සිට බන්ජර්මාසින් දක්වා ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.

හදිසියේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ යාත්‍රාවේ පාලන මැදිරිය සමඟ පැවැති සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව සඳහන්ය.

දූපත් 17,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත ඉන්දුනීසියාවේ නාවික ප්‍රවාහනය ප්‍රධාන ගමනාගමන මාධ්‍යයක් ලෙස භාවිත කෙරේ. ගුවන් ගමන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් අඩු වියදම් සහිත මුහුදු මාර්ග භාවිත කිරීමට පෙළඹී සිටිති.

කෙසේ වෙතත්, එරට නාවික ක්ෂේත්‍රයේ ආරක්ෂිත ප්‍රමිතීන් සහ රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments