Sunday, November 16, 2025
Homeසියලුම පුවත්පළාත් පාලන මැතිවරණයට ලබන බ්‍රහස්පතින්දාට පෙර දිනයක් දෙනවා - මැතිවරණ කොමිසම

පළාත් පාලන මැතිවරණයට ලබන බ්‍රහස්පතින්දාට පෙර දිනයක් දෙනවා – මැතිවරණ කොමිසම

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් යළි  මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඉදිරි සතියේ එම නිලධාරීන් කැඳවීමට අපේක්ෂා කරන බවය.

ලබන අඟහරුවාදා යළි රැස්වී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ( 03) ලබා දුන් නියෝගය අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග තවදුරටත් සාකච්ජා කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය තීරණය ලබන බ්‍රහස්පතින්දාට පෙර ප්‍රකාශයට පත් කරන බවය.

ශ්‍රේෂ්ඨාධිකරණය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයාට 2023 අය වැයෙන් පළාත් පාලන ඡන්දයට වෙන් කළ මුදල් රඳවා ගැනීමෙන් වළකින ලෙස අතුරු නියෝගයක් ඊයේ(03)  නිකුත් කළ  අතර ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සමගි ජන බලවේගයේ, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments