කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 36 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ වැසි සහ ගිගුරුම් සහිත වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවද සඳහන් වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද දැනුම්දී තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක පමණ තද වැසි

