Homeසියලුම පුවත්මාස දෙකකදී තෙල් බැරල් බිලියනයක සැපයුමක් අහිමි වෙයි

මාස දෙකකදී තෙල් බැරල් බිලියනයක සැපයුමක් අහිමි වෙයි


Saudi Aramco සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමීන් නසාර් පවසන්නේ, පසුගිය මාස දෙකක කාලය තුළ බොරතෙල් බැරල් බිලියනයක පමණ ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට සැපයීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නාවික ගමනාගමන බාධා හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිලද ඉහළ ගොස් ඇති අතර, සැපයුම් මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.
කෙසේවෙතත්, Aramco සමාගම විකල්ප ප්‍රවාහන මාර්ග භාවිත කරමින් මෙම බලශක්ති අර්බුදය අවම කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments