Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් සිව්දෙනෙකු මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් සිව්දෙනෙකු මරුට

පසුගිය පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කල්පිටිය, කන්දකුලිය අතුරුකුඩාව ප්‍රදේශයේදී කල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ ඔහු සමඟ ගමන් කළ 06 හැවිරිදි දරුවා කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු සහ 06 හැවිරිදි දරුවෙකි.

මේ අතර කොළඹ – පුත්තලම මාර්ගයේ ලුණුවිල හන්දිය ආසන්නයේදී මාර්ගය හරහා ගමන් කළ පාපැදිකරුවෙකු පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් තවත් අනතුරක් සිදුව ඇත.

බරපතළ තුවාල ලැබූ පාපැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති අතර, ඔහු වයස අවුරුදු 55ත් 60ත් අතර පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියැදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මාදම්පේ නගරයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිටුපසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුකළ වෑන් රථය පලාගොස් තිබේ.

බරපතළ තුවාල ලැබූ 62 හැවිරිදි පාපැදිකරු මාදම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අනතුරින් පසු පලාගිය වෑන් රථයේ රියැදුරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments