Homeසියලුම පුවත්ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාසවලට දැඩි නීති ක්‍රියාමාර්ග

ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාසවලට දැඩි නීති ක්‍රියාමාර්ග

නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අවශ්‍ය නව රෙගුලාසි මේ වනවිට සකස් කර අවසන් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතියද හිමිව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් සභා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් පසු මෙම රෙගුලාසි ගැසට් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.
ඒ අනුව දිවයිනේ සියලුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නව රෙගුලාසිවලට යටත්ව ක්‍රියා කළ යුතු වන අතර, ලියාපදිංචි නොවූ හෝ නීත්‍යානුකූල නොවන ස්ථානවල වැඩිහිටියන් රඳවා තැබීමෙන් වළකින ලෙස භාරකරුවන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.
වැඩිහිටි නිවාස අතර ඇතැම් ආයතන ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යන නමුත්, තවත් ස්ථාන කිහිපයක ප්‍රමාණවත් පහසුකම්, ආරක්ෂාව සහ අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති බවද අනාවරණය වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments