Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් හෙට දක්වා දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් හෙට දක්වා දීර්ඝ කෙරේ

පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය සඳහන් කළේ, අද (25) පස්වරු 4.00 සිට හෙට (26) පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බවය.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත් වන්න:

ගාල්ල – තවලම, නාගොඩ, නෙළුව, නියාගම
මහනුවර – පස්බාගේ කෝරලේ, උඩපලාත, ගඟ ඉහළ කෝරලේ, දොළුව
නුවරඑළිය – අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න:

ගාල්ල – කරන්දෙණිය, ඇල්පිටිය, බද්දේගම
කළුතර – වලල්ලාවිට
මහනුවර – දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරලේ, උඩුනුවර
කෑගල්ල – දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක
නුවරඑළිය – තලවකැලේ
රත්නපුර – රත්නපුර, පැල්මඩුල්ල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න:

කොළඹ – සීතාවක, පාදුක්ක
ගම්පහ – අත්තනගල්ල, මීරිගම
හම්බන්තොට – කටුවන, වලස්මුල්ල
කෑගල්ල – වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල
මහනුවර – පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද, හාරිස්පත්තුව
කුරුණෑගල – අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
කළුතර – ඉංගිරිය, බුලත්සිංහල
මාතර – කොටපොල, පස්ගොඩ, පිටබැද්දර
රත්නපුර – කලවාන, ඇලපාත, අයගම, නිවිතිගල, කුරුවිට
නුවරඑළිය – නුවරඑළිය

RELATED ARTICLES

Most Popular

Recent Comments