Homeසියලුම පුවත්අධික වැසි මැද නාවලපිටිය බස් නැවතුම්පොළ ජලයෙන් යටවෙයි

අධික වැසි මැද නාවලපිටිය බස් නැවතුම්පොළ ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අද (25) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.

බස් නැවතුම්පොළ හරහා වැසි ජලය ගලායාමට ඇති කාණු පද්ධතිය අවහිරවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව එහි වෙළෙඳසැල් හිමියන් සඳහන් කරයි.

බස් නැවතුම්පොළ ජලයෙන් යටවීම හේතුවෙන් මගීන් මෙන්ම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටිති.

මේ අතර, ඉදිරි පැය 36 තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments