පොතුවිල් – පානම මාර්ගයේ පසරච්චේන ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (05) දහවල් සිදුවූ මෙම අනතුරේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පිරිමි දරුවාගේ ගැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ දරුවා සහ යතුරුපැදිකරු පොතුවිල් රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇත.
මියගොස් ඇත්තේ පොතුවිල් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 8යි මාස 10ක් වූ දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
පාලනයෙන් ගිලිහුණු යතුරුපැදියක ගැටී දරුවෙකු ජීවිතක්ෂයට

