Homeසියලුම පුවත්සහස්පුර ඝාතනයකට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

සහස්පුර ඝාතනයකට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

සහස්පුර හල්ගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඉකුත් ජුනි 3 වනදා අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර, සහස්පුර පොලීසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මාදම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 21 සහ 23 වයස්වල පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සහස්පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments