Tuesday, February 17, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයට සම්බන්ධ යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා අතුරු තහනම...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා අතුරු තහනම දිගු කෙරේ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමකින් තොරව යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ.එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 11 දක්වා දිගු කිරීමට අභියාචනාධිකරණය නියම කළා.

අදාළ කර්නල්වරයා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (21) යළි සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර, එදිනට පෙර මෙම සිද්ධියට සම්බන්ධ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments