කමලා හැරිස් පවසන්නේ ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මුදල් ආධාර රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.
එහිදී, බෙන්ජමින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනතාවට අයත් නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බවටද ඇය චෝදනා කර තිබුණි.
මෙම ප්‍රකාශයට සමගාමීව, ඩොනල්ඩ් ට්‍රම්ප් තම Truth Social ගිණුම හරහා සඳහන් කර ඇත්තේ, ජනතාව කැමති වුවත් නැතත් ඊශ්‍රායලය අමෙරිකාවේ ශක්තිමත් සහ විශ්වාසනීය සගයෙකු බව ඔප්පු කර ඇති බවයි.
ඊශ්‍රායලය අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බව කමලා හැරිස්ගේ චෝදනාව

