Sunday, April 19, 2026
Homeසියලුම පුවත්මහරගම නිවසක ගිනිතැබීමෙන් මවක් හා දියණියක් මරුට

මහරගම නිවසක ගිනිතැබීමෙන් මවක් හා දියණියක් මරුට

මහරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමගෙහි කුලී පදනම මත පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 16 හැවිරිදි දියණියකි.
සිද්ධියෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ එම දැරියගේ පියා සහ නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවද සඳහන් වේ.
ඊයේ (18) දින සිදුවූ මෙම ගිනිතැබීමෙන් පසු අසල්වැසියන් මැදිහත්ව ගින්න නිවා දමා තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් ගත කර තිබේ. පසුව නිවස පරීක්ෂා කිරීමේදී කාමරයක් තුළ මියගිය මව සහ දියණියගේ මළ සිරුරු සොයාගෙන ඇත.
අපරාධ ස්ථානයේ පෙට්‍රල් ගඳක් පැතිරී තිබීමත් සමඟ මෙය සැලසුම් කර සිදුකළ ගිනිතැබීමක් බවට අනාවරණය වී ඇති අතර, ද්විත්ව ඝාතනයක් ලෙස පොලීසිය සැක පළ කරයි.
මෙම අපරාධයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ශ්‍රී ලංකා පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments