Monday, December 15, 2025
Homeදේශපාලනපැතුම් කර්නර් හදුනාගැනීමේ පෙරට්ටුවකට

පැතුම් කර්නර් හදුනාගැනීමේ පෙරට්ටුවකට

පාර්ලිමේන්තුව අසල පැවතී විරෝධතාවය හේතුවෙන් අත්තඩංගුවට ගත් පැතුම් කර්නර් හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කර තිබේ.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පැතුම් කර්නර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න විරෝධතාවක් මතුකරමින් තම සේවාදායකයාගේ ඡායාරූප පුවත්පත්වල හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වී ඇති නිසා එම පෙරෙට්ටුව පැවැත්වීමේ නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා යොමු කිරීමට නියෝග කළා.

ඒ අනුව පෙරෙට්ටුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments