Friday, November 14, 2025
Homeදේශීයපෑවිල්ල දිගටම තිබුණොත් ජල විදුලිය තව සති 4යි

පෑවිල්ල දිගටම තිබුණොත් ජල විදුලිය තව සති 4යි

පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය තවදුරටත් කළ හැක්කේ සති හතරක පමණ කෙටි කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අනතුරු අඟවනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ජල විදුලි නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බවයි.

සමනල වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 1 දක්වාත් කාසල්රි ජලාශයේ ජල ධාරිතාව සියයට 28 දක්වාත් මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 35 දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 25 දක්වාත් මේ සති අන්තය වන විට පහත වැටී තිබෙනවා.
ඒ අනුව, ජල විදුලිය තවදුරටත් නිපදවිය හැකි වන්නේ ගිගාවොට් පැය 300ක් වනවා.

මේ වන විට තාප බලාගාරවලින් සියයට 65ක ධාරිතාවක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ නංවා ඇති අතර ‘සෝලා’ සහ සුළං බලාගාරයන්ගෙන් සියයට 11ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් ලබා ගන්නවා

RELATED ARTICLES

Most Popular

Recent Comments