Homeසියලුම පුවත්හබරණදී සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වෙයි

හබරණදී සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වෙයි

විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන ඒම සඳහා කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (11) අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

හබරණ පොලිස් වසමට අයත් ජක්ක පංගුව ප්‍රදේශයේ 144 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී අලුයම 3.00ට පමණ මෙම ගින්න හටගෙන ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේ බස් රථයේ රියදුරු සහ සහායකයා පමණක් සිට ඇති අතර, ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

ත්‍රිකුණාමලයට පැමිණීමට නියමිතව සිටි විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන ඒම සඳහා ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments