ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව එළඹෙන 13 වැනිදා වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.
එම මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ විචල්‍ය දිශාවලින් හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං ඇති විය හැකි අතර, එමඟින් මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

