Homeසියලුම පුවත්පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් රජය පළාත් සභා ඡන්දයට බියවෙලා - සජිත්

පුංචි ඡන්ද ප්‍රතිඵලයෙන් රජය පළාත් සභා ඡන්දයට බියවෙලා – සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල හේතුවෙන් වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවයි.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ආණ්ඩුව ජනතාව අතරට යාමට බිය වී ඇති බැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැළිකමක් දක්වන බවයි.
මහ මැතිවරණයෙන් අනතුරුව පැවති පළාත් පාලන මැතිවරණයේදී රජයට ඡන්ද ලක්ෂ 23කට ආසන්න ප්‍රමාණයක් අහිමි වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් තවත් ජනතා සහයෝගය අහිමි වීමේ බිය මත පළාත් සභා මැතිවරණය කල් දමන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කළ යුතු බව අවධාරණය කළ ඔහු, ජනතා හඬ ප්‍රකාශ කිරීමට ඇති හොඳම අවස්ථාව පළාත් සභා මැතිවරණය බවද සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments