Homeසියලුම පුවත්පුටින් සමඟ සෘජු සාකච්ඡාවක් ඉල්ලා සෙලෙන්ස්කිගෙන් ලිපියක්

පුටින් සමඟ සෘජු සාකච්ඡාවක් ඉල්ලා සෙලෙන්ස්කිගෙන් ලිපියක්


යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙයි.
එම ලිපිය ලැබුණු බව රුසියාව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳව ජනාධිපති පුටින් දැනුවත් කිරීමට කටයුතු කරන බව සඳහන් කර තිබේ.
ලිපිය මඟින් සෙලෙන්ස්කි මහතා අවධාරණය කර ඇත්තේ, යුද්ධය අවසන් කර සාමය ඇති කිරීමට යුක්‍රේනය සහ රුසියාව අතර සෘජු සංවාදයක් අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව දෙරටේ නායකයන් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට ද ඔහු යෝජනා කර ඇත.
එම සාකච්ඡාව ස්විට්සර්ලන්තය හෝ තුර්කිය වැනි මධ්‍යස්ථ රටක පැවැත්විය හැකි බවද ලිපියේ සඳහන් කර තිබේ.
මේ අතර, මෙම නායකයන් දෙදෙනා අතර හමුවක් පැවැත්වීම යුද්ධය අවසන් කිරීමේ දිශාවට ගන්නා වැදගත් පියවරක් වනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත්, රුසියාව විසින් පාලනය කරනු ලබන යුක්‍රේන ප්‍රදේශ සම්බන්ධයෙන් සහ යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්ව උත්සාහය පිළිබඳව දෙපාර්ශවය අතර තවමත් එකඟතාවක් නොමැති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments