Homeසියලුම පුවත්පොසොන් සමයේ අනුරාධපුර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3,500ක්

පොසොන් සමයේ අනුරාධපුර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3,500ක්

අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුවේ රැස්වීම අද (02) වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙවර පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව එහිදී අනාවරණය විය.
එමෙන්ම, පෙර දැනුම්දීමකින් තොරව කිසිදු දන්සලක් ක්‍රියාත්මක කිරීමට අවසර නොදෙන බවද රැස්වීමේදී අවධාරණය කෙරිණි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ පරිසරයට හානි නොවන අයුරින්, පරිසර හිතකාමී ලෙස කටයුතු කරන ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments