බද්දේගම ප්රදේශයේදී ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් 27 වනදා සිදුවූ මෙම ත්රිත්ව ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ අතර, එම විමර්ශනවලට අදාළව ඊයේ (04) අම්බලන්ගොඩ ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙනිය ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
සැකකරු සම්බන්ධයෙන් පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

