Tuesday, November 18, 2025
Homeදේශපාලනබදු ආදායම තවත් ඉහළ නැංවිය යුතු බවට IMF නිරීක්ෂණයක්..

බදු ආදායම තවත් ඉහළ නැංවිය යුතු බවට IMF නිරීක්ෂණයක්..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිරික්ෂණය පරිදි රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට නිසි බදු පරිපාලන ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා අවධාරණය කරයි.

අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රි ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති බව ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළ ද රටේ බදු ආදායම පිළිබඳ සෑහීමකට පත් නොවන බව ඔවුන් සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේ, ජනතාව වෙත නව බදු පැනවීමකින් තොර ව බදු ආදායම වැඩි කරගැනීම සඳහා මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඒ සඳහා නිර්දේශ 03ක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඉන් පළමු වැන්න ලෙස බදු පරිපාලනය ශක්තිමත් කිරීම යන කාරණාව මූල්‍ය අරමුදල විසින් අවධාරණය කර ඇති බව මහාචාර්‍යවරයා සඳහන් කළේය.

බදු සහන ලබා දීම අහෝසි කිරීම දෙවැනි කාරණාව ලෙස ද තෙවැන්න ලෙස බදු මඟ හැරීම වළක්වා ගැනීම ද මූල්‍ය අරමුදල විසින් ලංකා රජය දැනුම්වත් කර තිබේ. (Adaderana)

RELATED ARTICLES

Most Popular

Recent Comments