Wednesday, November 19, 2025
Homeදේශීයබස් නැතිව ලොරි රථයකින් පාසැල් ගිය ළමුන් 13ක් ලොරි රථයේ තට්ටුව කඩාවැටීම...

බස් නැතිව ලොරි රථයකින් පාසැල් ගිය ළමුන් 13ක් ලොරි රථයේ තට්ටුව කඩාවැටීම නිසා තුවාල ලබා රෝහල් ගතකරයි

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී දරුවන් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් තුවාල ලැබූ දරුවන් 13 ක් රෝහල් ගතකර තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ගමනා ගමන අපහසුතා  නිසා ඊයේ (30) උදෑසන කුඩා ලොරි රථයක නැගී මෙම දරුවන් පිරිස පාසල් ගොස් තිබෙනවා.

කෙසේ නමුත් එම ලොරි රථයේ දරුවන් වැඩි පිරිසක් ගමන් කිරීම හේතුවෙන් ලොරියේ තට්ටුව කඩා වැටී අතර එම අවස්ථාවේ සිසුන් 37 දෙනෙකු අදාළ ලොරිය තුළ ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ.

එක් සිසුවෙකුවේ කකුල කැඩී ඇති අතර තවත් සිසුන් 13 දෙනෙකු රෝහල් ගත කර ඇති බවත් සිසුන් දෙදෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments