Sunday, November 16, 2025
Homeවිදේශීයබ්‍රිතාන්‍යයේ සරසවි දොරටු ශ්‍රී ලාංකීය සිසුන්ට වසා දමයි

බ්‍රිතාන්‍යයේ සරසවි දොරටු ශ්‍රී ලාංකීය සිසුන්ට වසා දමයි

මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති.

2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා ඇතැයි සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත.

දැනට සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් බොහොමයක් නියමිත වේලාවට පාඨමාලා ගාස්තු ගෙවීමට අපොහොසත් වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

ඒ හේතුවෙන් එම සිසුන් පාඨමාලාවෙන් ඉවත් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින බවත්, බ්‍රිතාන්‍යයේ වීසා සහ ආගමන කාර්යාලයේ එම සිසුන් පිළිබඳ පැමිණිල්ලක් ගොනු වීමේ අවදානමක් තිබෙන බවත් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය පෙන්වා දී තිබේ.

එමගින් විශ්ව විද්‍යාලයට මෙන්ම සිසුන්ටද බරපතල ගැටළුවලට මුහුණ දීමට සිදුවන බව සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර ඇත.

දැනටමත් අයදුම්පත්‍රය අනුමත වී ඇති සිසුන් ඉතිරි පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය ගැන පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය දන්වා තිබේ.

සියයට 50 ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇති සිසුන් හට ඉතිරි මුදල ගෙවීමට නොහැකි යැයි හැඟෙනම් එම මුදල ආපසු ලබා දෙන බවත් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය කියා සිටී.

2023 ජනවාරි – පෙබරවාරි කණ්ඩායම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට අයදුම් කළ හැකි වුණත් ඇතුළත්වීමේදී සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවිය යුතු බවත් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments