Homeසියලුම පුවත්බිනර පුර පසළොස්වක පොහොය අදයි

බිනර පුර පසළොස්වක පොහොය අදයි

ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.

මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් පන්සිය දෙනෙකු පැවිදිභාවයට පත්වීමත් සමග භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ අද වැනි පොහෝ දිනයක බව ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.

කාන්තාවන්ට පැවිද්ද ලබාදීම සම්බන්ධයෙන් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස කළ ඉල්ලීම මුලින් ප්‍රතික්ෂේප කළද, පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම මත කාන්තාවන් විසින් රැකිය යුතු අෂ්ට ගරු ධර්ම පනවා භික්ෂුණී ශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අවසර ලබාදුන් බව සඳහන් වේ.

භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වූයේ ද බිනර පොහෝ දිනයක බවත්, වස් සමයේ අතරමැදි පොහොය ලෙස බිනර පොහොය සැලකෙන බවත් ශාසනික ඉතිහාසයේ දැක්වේ.

තවද තපස්සු සහ භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඉදිකිරීමත්, ලලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහෝ දිනයට සම්බන්ධ බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments