ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසන්නේ, ඉරානය විසින් සිදුකරන බියගන්වා යටත් කරගැනීමේ (Blackmail) කිසිදු උත්සාහයකට තමා ඉඩ නොදෙන බවයි.
ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර ඉරානය පිළිබඳ කෙටි අදහස් දැක්වීමක් සිදුකළ ඔහු, මේ වන විට ඉරානය සමඟ “ඉතා හොඳ මට්ටමේ සාකච්ඡා” පැවැත්වෙන බවද සඳහන් කළේය.
එමෙන්ම, ඉරාන නායකයින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කරන බවත්, නමුත් එවැනි තර්ජන අමෙරිකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කර තිබේ.
බියගන්වා යටත් කරගැනීමට ඉඩ නොදෙන බව ට්‍රම්ප් අවධාරණය කරයි

