Homeසියලුම පුවත්බීමතින් බස් ධාවනය කළ රියදුරන් 8ක් අත්අඩංගුවට

බීමතින් බස් ධාවනය කළ රියදුරන් 8ක් අත්අඩංගුවට

මගී ප්‍රවාහන සේවයේ නිරතව සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ බස් රථ රියදුරන් 08 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දකුණ පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය නිලධාරීන් එක්ව ඊයේ (19) මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
කළුතර දකුණ පොලිස් වසමේදී සිදුකළ පරීක්ෂාවලදී මගී ප්‍රවාහන බස් රථ සේවයේ නිරත රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සේවයේ යෙදී සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35ත් 57ත් අතර පසුවන අතර, පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලීසිය විසින් සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments