මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 951,742 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජනවාරි 01 සිට මැයි 17 දක්වා මෙම සංචාරක පැමිණීම් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිස ඉන්දීය සංචාරකයින් බව සඳහන් වේ. එම සංඛ්‍යාව 221,953ක් ලෙස දැක්වේ.
එමෙන්ම බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මේ අතර, මැයි මස 01 සිට 17 දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 75,465 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
කෙසේවෙතත් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලට සාපේක්ෂව අප්‍රේල් සහ මැයි මාසවල දෛනික සංචාරක පැමිණීම් අඩුවී ඇති බව දත්ත අනුව පෙන්නුම් කරයි.
වසරේ සංචාරක පැමිණීම 950,000 ඉක්මවයි

