අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඇතිවීමේ බලාපොරොත්තු අඩුවීම සහ මැදපෙරදිග නෞකාවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.63ක් දක්වාත්, ඇමෙරිකානු WTI බොරතෙල් මිල ඩොලර් 83.91ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
ඉරානය පවසා ඇත්තේ අමෙරිකාව තම කොන්දේසි පිළිගන්නා තෙක් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා තබන බවයි. යුද්ධයට පෙර දිනකට නෞකා 125-140ක් පමණ ගමන් කළ මෙම මාර්ගයේ මේ වනවිට ගමන් කරන්නේ නෞකා 6ක් පමණ බව සඳහන් වේ.
මැදපෙරදිග තෙල් සැපයුමට ඇති වී තිබෙන බාධා තවදුරටත් පැවතිය හැකි බවට අමෙරිකානු බලශක්ති තොරතුරු පරිපාලනය අනතුරු අඟවා තිබේ.

