ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (12) ප්රතික්ෂේප කර තිබේ.
ඒ අනුව සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන අගෝස්තු 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

