ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (07) දිනයේත් පහළ යාමක් වාර්තා වී තිබේ.
වෙළෙඳපොළ දත්ත අනුව, ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක මිල අමෙරිකානු ඩොලර් 100ට අඩු මට්ටමකට පැමිණ ඇති බව සඳහන් වේ.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 99.43ක් ලෙසත්, WTI වර්ගයේ බැරලයක් ඩොලර් 93.17ක් ලෙසත්, මර්බන් වර්ගයේ බැරලයක් ඩොලර් 96.20ක් ලෙසත් සටහන් වී ඇත.
මෙය පසුගිය දිනයට සාපේක්ෂව සියයට 2කට ආසන්න පහළ යාමක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
බොරතෙල් මිල යළිත් පහළට

